# පටිච්චසමුප්පාද භාවනාව - 2
1 ජරාමරණ කියන්නේ මොකක්ද?
2 ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක්, මහළු වී යාමක්, දත් වැටීමක්, කෙස් ඉදීමක්, ඇඟ පත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි ජරාව කියන්නේ.
3 ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, ජීවිතින්ද්‍රියෙහි ගෙවී යෑමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ.
4 ඉතින් මේ ජරාවත්, මේ මරණයත් කියන මේකට තමයි, ජරා මරණ කියන්නේ.
5 ඉපදීම හටගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ.
6 ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වන්නේ.
7 ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
8 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
9 ඉපදීම කියන්නේ මොකක්ද?
10 ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හටගැනීමක්, මව්කුසක බැසගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතන හයේ ලැබීමක් ඇද්ද, මේකට තමයි, ඉපදීම කියන්නේ.
11 භවය හටගැනීමෙනුයි ඉපදීම හටගන්නේ.
12 භවය නිරුද්ධ වීමෙනුයි ඉපදීම නිරුද්ධ වන්නේ.
13 ඉපදීම නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
14 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
15 භවය කියන්නේ මොකක්ද?
16 භව තුනක් තියෙනවා. කාම භවය. රූප භවය. අරූප භවය. මේකට තමයි, භවය කියන්නේ.
17 උපාදාන හටගැනීමෙනුයි භවය හටගන්නේ.
18 උපාදාන නිරුද්ධ වීමෙනුයි භවය නිරුද්ධ වන්නේ.
19 භවය නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
20 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
21 උපාදාන කියන්නේ මොකක්ද?
22 උපාදාන සතරක් තියෙනවා. කාම උපාදාන. දිට්ඨි උපාදාන. සීලබ්බත උපාදාන. අත්ථවාද උපාදාන. මේකට තමයි, උපාදාන කියන්නේ.
23 තණ්හාව හටගැනීමෙනුයි උපාදාන හටගන්නේ.
24 තණ්හාව නිරුද්ධ වීමෙනුයි උපාදාන නිරුද්ධ වන්නේ.
25 උපාදාන නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
26 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
27 තණ්හාව කියන්නේ මොකක්ද?
28 තණ්හාව හය ආකාරයකින් හටගන්නවා. රූප ගැන තණ්හාව ඇතිවෙනවා. ශබ්ද ගැන තණ්හාව ඇතිවෙනවා. ගඳ සුවඳ ගැන තණ්හාව ඇතිවෙනවා. රස ගැන තණ්හාව ඇතිවෙනවා. පහස ගැන තණ්හාව ඇතිවෙනවා. සිතේ ඇතිවෙන අරමුණු ගැන තණ්හාව ඇතිවෙනවා. මේකට තමයි, තණ්හාව කියන්නේ.
29 විඳීම හටගැනීමෙනුයි තණ්හාව හටගන්නේ.
30 විඳීම නිරුද්ධ වීමෙනුයි තණ්හාව නිරුද්ධ වන්නේ.
31 තණ්හාව නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
32 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
33 විඳීම කියන්නේ මොකක්ද?
34 සය ආකාරයක විඳීමක් තියෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මේකට තමයි, විඳීම කියන්නේ.
35 ස්පර්ශය හටගැනීමෙනුයි විඳීම හටගන්නේ.
36 ස්පර්ශය නිරුද්ධ වීමෙනුයි විඳීම නිරුද්ධ වන්නේ.
37 විඳීම නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
38 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
39 ස්පර්ශය කියන්නේ මොකක්ද?
40 හය ආකාරයක ස්පර්ශයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේකට තමයි, ස්පර්ශය කියන්නේ.
41 ආයතන හය හටගැනීමෙනුයි ස්පර්ශය හටගන්නේ.
42 ආයතන හය නිරුද්ධ වීමෙනුයි ස්පර්ශය නිරුද්ධ වන්නේ.
43 ස්පර්ශය නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
44 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
45 ආයතන හය කියන්නේ මොකක්ද?
46 ඇස නම් වූ ආයතනයක් තියෙනවා. කණ නම් වූ ආයතනයක් තියෙනවා. නාසය නම් වූ ආයතනයක් තියෙනවා. දිව නම් වූ ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේකට තමයි ආයතන හය කියන්නේ.
47 නාමරූප හටගැනීමෙනුයි ආයතන හය හටගන්නේ.
48 නාමරූප නිරුද්ධ වීමෙනුයි ආයතන හය නිරුද්ධ වන්නේ.
49 ආයතන හය නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
50 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
51 නාමරූප කියන්නෙ මොකක්ද?
52 විඳීම, හඳුනාගැනීම, චේතනා, ස්පර්ශය, මනසිකාරය. මේකට තමයි නාම කියන්නේ.
53 සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපත්. මේකට තමයි රූප කියන්නේ.
54 ඉතින් මේ නාමත්, මේ රූපත් කියන මේකට තමයි, නාමරූප කියන්නේ.
55 විඤ්ඤාණය හටගැනීමෙනුයි නාමරූප හටගන්නේ.
56 විඤ්ඤාණය නිරුද්ධ වීමෙනුයි නාමරූප නිරුද්ධ වන්නේ.
57 නාමරූප නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
58 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
59 විඤ්ඤාණය කියන්නෙ මොකක්ද?
60 සය ආකාරයක විඤ්ඤාණයක් තියෙනවා.
61 ඇසේ ඇතිවෙන විඤ්ඤාණය, කණේ ඇතිවෙන විඤ්ඤාණය, නාසයේ ඇතිවෙන විඤ්ඤාණය, දිවේ ඇතිවෙන විඤ්ඤාණය, කයේ ඇතිවෙන විඤ්ඤාණය, මනසේ ඇතිවෙන විඤ්ඤාණය. මේකට තමයි, විඤ්ඤාණය කියන්නේ.
62 සංස්කාර හටගැනීමෙනුයි විඤ්ඤාණය හටගන්නේ.
63 සංස්කාර නිරුද්ධ වීමෙනුයි විඤ්ඤාණය නිරුද්ධ වන්නේ.
64 විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
65 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
66 සංස්කාර කියන්නේ මොකක්ද?
67 මේ සංස්කාර තුන් ආකාරයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේවාට තමයි, සංස්කාර කියන්නේ.
68 අවිද්‍යාව හටගැනීමෙනුයි සංස්කාර හටගන්නේ.
69 අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වන්නේ.
70 සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
71 එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.